brand logo

වෙසක් සමයේ දන්සල් දීමට පෙර ලියාපදිංචි වී උපදෙස් ලබාගන්න

08 May 2019

වෙසක් උත්සව සමයේ කිසියම් සංවිධානයක් හෝ යම් අයෙකු දන්සැල් පවත්වන්නේ නම් ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් ලියාපදිංචි වී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කරන්නේ යැයි සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය. රටේ වත්මන් තත්ත්වය අනුව වෙසක් උත්සව හෝ දන්සැල් නොපවත්වන ලෙස ආගමික නායකයින් සහ මහා නායක ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් කර තිබෙනවා.අප කියා සිටින්නෙත් ආගමික නායකයින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසන දෙයට අවනත වීම තමයි කළ යුතු වන්නේ.නමුත් කිසියම් අයෙකු හෝ සංවිධානයක් දන්සැල් පවත්වන්නේ නම් කඩිනමින් එය ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකියාව තිබෙනවා පූර්ව උපදෙස් ලබා දීමට සහ අවශ්‍ය පරීක්ෂා කිරීම් කරන්න.වෙසක් පොහොය දිනයේ හෝ ඒ ආසන්න දිනවල දන්සැල් පවත්වන බව අපට වාර්තා වුනොත් ඒවා පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුදානම්.එසේම දන්සැල් පවත්වන්නේ නම් හැකි තරම් සුරක්ෂිත ආහාර බැතිමතුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ජුඩ් සමන්ත
 

More News..