brand logo

වෙල්ලස්ස නිදහස් අරගලයේදී දිවි පිදු කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

25 November 2018

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ පුණ්‍ය මහෝත්සවයක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ 07, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ගරු ජනාධිපතිතුමා කැප්පෙටිපොළ වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දක්වමින් පුණ්‍යාත්සවයට එක්වූ අතර, ගරු ස්වාමීන් වහන්සේලා උදෙසා උදෑසන දානය පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක්විය. නිදහස් අරගලයේ දී දිවි පිදු විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ සිදුකළ අතර වීර කැප්පෙටිපොළ අනුස්මරණ ගුණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ සිදුකළහ. මහා සංඝරත්නය ද බුද්ධ ශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු සැදැහැවතුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 

More News..