brand logo

වෙල්ගම කරන්නේ එජාපයට උදව්වක් 

25 September 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් වීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර එකමුතු බිඳින පිල්ලියක් ලෙස බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කුමාර වෙල්ගම කරන්නේ එක්සත් ජාතික පක්ෂයට උදව්වක් බවත් වමේ දේශපාලනය පරාජය කිරීමේ ක්‍රියාවලියක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තැනට තල්ලු නොකරන ලෙසත් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 

More News..