brand logo

වෙල්ගමගේ නිවසට හොරු පනී

20 October 2019

කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම කලුවාමෝදර නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ අල්මාරියක් විවෘත කර අවුස්සා දමා ගොස් ඇති බව අලුත්ගම පොලිසිය සඳහන් කරයි. ඊයේ (19දා) සවස හෝ අද (20දා) උදෑසන 7.30ත් අතර මෙම සිදුවීම සිදුව ඇති අතර දෙමහල් නිවසේ පහත මාලයේ නිදන කාමරයට මෙසේ යම් පුද්ගලයෙකු ඇතුළුවී ඇති බවට වාර්තා වෙයි.
 

More News..