brand logo

වෙල්ගමගෙන් දරුණු ප්‍රකාශයක්

24 September 2019

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත්, එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය දැක බලා ගත හැකි බවයි. එමෙන්ම ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කරන්නේ නම් ඔහුට සියලුදෙනා සහයෝගය ලබාදීමට සැදී පැහැදී සිටින බව වෙල්ගම මහතා පැවසුවේය. වත්මන් ජනාධිපතිවරයා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසුවේය.
 

More News..