brand logo

වෙරළ අපවිත්‍රවීම වලකවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

22 September 2020

  පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊට අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ලංකාව වටා වෙරළ තීරය අපවිත්‍රවීම වැළැක්වීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් නොවැම්බර් මස 12 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත. අද (22) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අධිකරණය, පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන පාර්ශ්ව වෙත යළි නොතීසි නිකුත් කරන ලෙසයි.
 

More News..