brand logo

වෙරළාසන්න ජනතාවට අවවාදාත්මක නිවේදන

01 August 2020

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දකුණු පළාතේ, පොලොන්නරුව,මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ. කි. මි.60 දක්වා තද සුළං ඇති විය හැකි බව දන්වා තිබේ. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා දන්වා ඇත.
 

More News..