brand logo

වෙනදට වඩා දරුවන්ට වතුර පොවන්න

11 February 2020

මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලනයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන්නැයි රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. විශේෂයෙන්ම මේ දිනවල ක්‍රීඩා උත්සව පවත්වන බැවින් දරුවන් වැඩි වේලාවක් අව්වේ සිටීම විජලනයට හේතුවක් විය හැකිය. එමගින් තාපකම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි. තාපකම්පන තත්ත්වයට පත්ව දරුවන් රෝහල් ගත කිරීම සෑම වසරකම සිදුවන්නක් බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතු බව අවධරණය කෙරේ. තවද මේ දිනවල දරුවන් නෑවීම අනිවාර්යයෙන් කළ යුතු වන අතර වෙනත් දිනවල නෑම සඳහා යොදවන කාලයට වඩා වැඩි කාලයක් දරුවන්ට ස්නානය කිරීමට ඉඩ ලබාදීමද වැදගත්වෙයි. එසේම පෑවිල්ලත් සමග පරිසරයේ දූවිලි ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් ඇදුම තිබෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරීමේ වැදගත්කමද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙයි.   ශ්‍රීයානි විජේසිංහ
 

More News..