brand logo

වෙදආරච්චි මාධ්‍ය හමුවේ අමුවෙන් මාළු කයි

17 November 2020

මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා වෛරසය වැළදේයැයි සිතා මාළු ආහාරයට ගැනීමට ජනතාවට බියනොවන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලාසිටියි. අද පැවැති මාධ්‍ය හමුවකට අමු මාළුවෙකුද රැගෙන ආ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුව අතරතුර අමු මාළුවා ආහාරයට ගනිමින් ජනතාවට පණිවුඩයක් ලබාදී තිබේ. මන්ත්‍රීවරයා සදහන් කළේ තමන් ඊයේ (16) තංගල්ල වරායට ගිහින් මාළු රැගෙන ආ බවයි. රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් දිලීප් වෙදආරච්චි පැවසුවේ මාළු ආහාරයට ගැනීමෙන් කිසිදු කොරෝනා රෝගයක් ආසාදනය නොවෙන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය.... මේ මාළු අමුවෙන් කනකොට රසයි. ඒ නිසා මේ බලන්න ලේ අලුත් මාළු. මම කියන්න කැමති රජයට ප්‍රධාන ව්‍යාපාරිකයින්ගේ කූල්රූම් බද්දනට ගන්න. අරගෙන ධීවරයින්ගේ කූල්රූම් කරන්න. සහන මිලක් ලබාදෙන්න. ලබාදී ධීවරයා ගොඩනගන වැඩපිළිවෙලක් සකස් කරන්න.
 

More News..