brand logo

NLB වෙතින් නිවසටම ගෙනා වාසනාව....

05 May 2020

දශක 6කටත් වඩා වැඩි කාලයක් රටට සංවර්ධනයත් ජනතාවට වාසනාවත් ගෙනදුන් ජාතික ලොතරැයි මණ්ඩලය ලක්ෂපතියන්" දසලක්ෂපතියන් විසිලක්ෂපතියන්, කෝටිපතියන් රටට දායාද කළ ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම ආයතනය වේ. දුකේදීත්, සැපේදීත් රටේ ජනතාව සමග සිටින අප, රටේ සෑම ව්‍යසනයකදීම ජනතාව සමග උරෙන් වුර ගැටෙමින් ඔවුන්ට සහනයක් ගෙනදීමට නොමසුරුව ක්‍රියා කළෙමු. අප සමග එක්වී දසලක්ෂයේ, විසිලක්ෂයේ ප්‍රථම ත්‍යාග සහ කෝටි ගණනින් සුපිරි ත්‍යාග හිමිකරගත් ජයග්‍රාහකයන් 100කට අධික ප්‍රමාණයකට කොවිඩ් -19 ව්‍යසනය නිසා රටේ පවතින තත්ත්වය හේතුකොට ගෙන එම මුදල් ලබා ගැනීමට නොහැකිව සිටි. මේ පිළිබඳව අවධානය යොමු කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාත්, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එම මුදල් ජයග්‍රාහකයන්ගේ නිවසටම ගොස් ලබාදීමට තීරණය කරන ලදී. එහි මුල් පියවරක් ලෙස හක්මන ලාල්පේ ප්‍රදේශයේ කේ.එල්. සොමිපාල මහතාටත්, දෙනියාය මානගේ පියදාස මහතාටත්, ගාල්ල තරිඳු ඉන්දික මහතාට සහ ගාල්ල ඉහල කිහිඹිය අශෝක සරත් මහතාටත් ඔවුන්ට හිමි මුදල් ත්‍යාග ලබාදීම ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමාගේ සහභාගිත්වයෙන් පසුගිය දා සිදුකෙරිනි.
 

More News..