brand logo

වෙඩි වැදීමෙන් ඇතෙකුට බරපතලයි

28 May 2019

වෙඩි වැදී සිදුවී ඇති තුවාල හේතුවෙන් බරපතල තත්ත්වයේ පසුවන වන ඇතෙක් නවගත්තේගම - මහපිටිය ප්‍රදේශයේ කුඹුරු යායකක වැටී සිටින බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි. පසුගිය 27 වැනිදා ප්‍රදේශයේ ජනතාව විසින් මෙම වන ඇතා සම්බන්ධයෙන් වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින වන ඇතාට ප්‍රතිකාර කිරීම වන ජීවී නිලධාරීන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.වයස අවුරුදු 35 ක් පමණ වන මෙම වන ඇතා අඩි 08 ක් පමණ උසකින් යුක්ත බව වන ජීවී නිලධාරීන් කියයි. මෙම වන ඇතැගේ හිසට වෙඩි වැදීම නිසා බරපතල එම සතාට හිස ඔසවා ගැනීමට නොහැකිව බරපතල තත්ත්වයේ පසුවන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරී ඉසුරු කෝට්ටේගොඩ මහතා සදහන් කරයි. පවතින තත්ත්වය අනුව වන ඇතා නැවත නැගිටවීම ගැන සැකයක් ඇති නමුත් ප්‍රතිකාර කිරීම දිගටම සිදු කරන බවද වන ජීවී නිලධාරීන් සදහන් කරයි. ජුඩ් සමන්ත
 

More News..