brand logo

වෙඩි, බෝම්බ, ඝාතන, පැහැරගැනීම් නැති එකම ජනාධිපතිවරණය මෙයයි - පැෆරල්

15 November 2019

පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කාලයේදී එකදු මනුෂ්‍ය ඝාතනයක්, පැහැරගෙන යාමක්, බෝම්බ ප්‍රහාරයක් හෝ වෙඩි තැබීමක් සිදු නොවූ එකම ජනාධිපතිවරණය 2019 බව පැෆරල් සංවිධානය පවසයි. 2010 හා 2015 ජනාධිපතිවරණවලට සාපේක්ෂව ගත් කල 2019 ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ නීති උල්ලංඝනය වීම් වාර්තා වී ඇත්තේ 68ක් පමණි. 2010දී එය 502ක් වූ අතර 2015දී එය 190 දක්වා අඩු විය. එහෙත් 2010 මනුෂ්‍ය ඝාතන 4ක්ද, 2010 හා 2015 පැහැරගෙන යෑම් එක බැගින්ද, 2010දී බෝම්බ ප්‍රහාර 2ක්ද, 2015දී එකක් සහ 2010දී වෙඩිතැබීම් 23ක් සහ 2015දී වෙඩි තැබීම් 10ක් වාර්තා විය. එහෙත් රාජ්‍ය බලය අයුතු ලෙස යෙදවීම 2010 ට සාපේක්ෂව මෙවර වැඩි වී ඇති අතර 2010දී සිද්ධීන් 57ක්ද, 2019දී 199ක්ද වාර්තා වී ඇත. කෙසේ වෙතත් පූර්ව ප්‍රචාරක කටයුතු කාලයේ දී 2010 ජනපතිවරණයේදී මුළු පැමිණිලි 702ක්ද, 2015දී 710ක් හා මෙවර එය පැමිණිලි 672ක් ලෙසද සටහන් වී තිබේ. චමින්ද සේනාරත්න
 

More News..