brand logo

වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ලබාදීමට අලුත් වැඩපිළිවෙලක්

31 May 2019

වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබා දීම ක්‍රමානූකූල වැඩපිළිවෙලක් යටතේ යළි ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අදාළ පුපුරණ ද්‍රව්‍ය සදහා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුමැතිය හිමිවූ පසු , අවශ්‍ය ප්‍රමාණය , දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය පරිදි සෘජුවම අදාළ පාර්ශවයට නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත. ලබන සතියේ සිට එම කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු, ආරක්ෂක හේතූන් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පාර්ශවයන්ට ලබා දීම තාවකාලිකව නතර කෙරිණ.
 

More News..