brand logo

වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට රු.500ක් දෙන්න කැබිනට් අනුමැතිය

27 March 2019

රජයේ පාසල්වල 13 වසරක සහිතක කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ පාසල් හරහා ආයතන ගත වු සිසුන් සඳහා රුපියල් 500ක මුදලක් දෛනිකව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් දෙවන අධ්‍යයන වර්ෂයේ දී තෝරා ගත් වෘත්තීය විෂයකට අදාළව ජාතික වෘත්තීය කුසලතා(NVQ)4 මට්ටමේ සහතිකය ලබා දීමට අනුමැතිය ඇති වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනය ලැබිය යුතුව ඇති අතර මෙවැනි වෘත්තීය පුහුණු ආයතන එක් ස්ථානයක පමණක් පිහිටා තිබීම හේතුවෙන් ඇතැම් සිසුන් ප්‍රවාහන හා නේවාසික පහසුකම් සලසා ගැනිමේ දී අධික පිරිවැයක් දරිමය්ට සිදුවන බව වාර්තා වෙයි. එම නිසා පාසල් හරහා ආයතන ගත වන සිසුන් සඳහා ප්‍රවාහන හා අනෙකුත් වියදම් ආවරණය කර ගැනීමට රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින්ය.
 

More News..