brand logo

වූහාන් හි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33දෙනා රැගත් විශේෂ ගුවන් යානය මත්තලට ගොඩබස්සවයි

01 February 2020

චීනයේ වුහාන් සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ රෝහල වෙත මේ වන විට රැගෙන යෑමට නියමිතයි. සිසුන් රැගත් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්වුයේ අද පෙරවරු 7.40 ට පමණයි. අදාළ සිසුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂගුවන් යානයෙන් පෙරවරු 7.45 පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වූ බව අප ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේය. වුහාන් හි සිට මෙරටට පැමිණි එම සිසුන් 33දෙනා දියතලාව යුද හමුදා රෝහල වෙත රැගෙනයාම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඔවුන් එහි සති දෙකක පමණ කාලයක් රදවා තැබිමට නියමිතයි.
 

More News..