brand logo

වී මිල ගැන අවසන් තීන්දුව එන සතියේ

17 January 2020

වී කිලෝග්‍රෑමයක් සඳහා වූ සහතික මිල සම්බන්ධ අවසන් තීන්දුව ලබන සතියේදී ගන්නා බව අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.එස්.එල්.රාජදාස පැවසීය. වී සඳහා ලබාදෙන සහතික මිල සම්බන්ධව විෂය භාර ඇමැතිවරුන් සමග සාකච්ඡා වට කීපයක් පැවති බවත්, ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර අවසන් තීන්දුව ගන්නා බවත් ලේකම්වරයා කීවේය. අවසන් තීන්දුව ගැනීමෙන් පසු සහතික මිල සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන බවද පැවසේ. වී සඳහා වූ සහතික මිල සකස් කිරීමෙන් අනතුරුව කැකුළු සහල් සඳහා වූ පාලන මිලක් ද නියම කර ගැසට් පත්‍රයක් නිකුත් කෙරෙනු ඇත. සාලිය කුමාර ගුණසේකර
 

More News..