brand logo

වීසා බලපත්‍රවල වලංගු කාලය දිගු වෙයි

09 May 2020

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව 2020 මැයි මස 12 වන දින සිට 2020 ජූනි මස 11 වන තෙක් දින 30 කින් වීසාවන්හි වලංගු කාලය දීර්ඝ වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මේ බව සඳහන් කරයි. ඒ අනුව උපදෙස් කිපියක් අනුව ක්‍රියා කරන ලෙස ද දැනුම් දෙනු ඇත. 01. සියලූම අයඳුම්කරුවන් විසින් 2020 ජූනි මස 11 දිනට හෝ ඊට පෙර පහත වෙබ් දිගුව හරහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමෙන් අදාළ වීසා ගාස්තුව ගෙවා වීසාව විදේශ ගමන් බලපත්‍රයේ පිටසන් කරගන්නා ලෙස දැනුම් දෙයි. 2020 මාර්තු මස 7 වන දින සිට 2020 ජුනි මස 11 වන දින අතර කාලයේ දී කල් ඉකුත් වන සියලුම වීසාවන් දඩ මුදල් අය කිරීමෙන් නිදහස් වෙයි. https://eservices.immigration.gov.lk/vs
 

More News..