brand logo

වීදියේ පූරි විකිණූ ජයිස්වාල් ඉන්දියාව ලෝක කුසලානය ආසන්නයටම රැගෙන යයි

06 February 2020

ඉන්දියානු සුපිරි යොවුන් ක්‍රීඩක යසස්වී ජයිස්වාල්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නට ඉන්දියානු යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. මුම්බායි වීදියක තම පියා සමගින් ‘මනිපුරි’ වෙළෙන්දෙකු වූ ජයිස්වාල් අද වනවිට ඉන්දියානු ජාතික කණ්ඩායමේ අවස්ථාව ලැබීමට ආසන්නයේ සිටින ක්‍රීඩකයෙකි. අදාළ අවසන් පූර්ව තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 172ක් රැස් කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම කිසිවකුත් නොදැවී එම ඉලක්කය සපුරා ගත්තේය. එහිදී යසස්වී ජයිස්වාල් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 105ක් වාර්තා කළේය.
 

More News..