brand logo

විස්ස විවාදය නොවැම්බර් මුල් සතියට පෙර

06 September 2020

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවැම්බර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලැසුම් කර ඇත. පසුගිය බදාදා (02 වැනිදා) කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත් කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන 16 වැනිදායින් පසුව රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව සතියක කාලයක් ඊට විරුද්ධව අධිකරණයට යන අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කාලය ලබා දෙන බව ආණ්ඩුවේ ප්‍රබලයකු සති අග ‘අරුණ’ට පැවැසීය. එතැන් සිට තවත් සති තුනක කාලයක් අධිකරණ කටයුතු සඳහා ලබා දීමට සැලැසුම් කර ඇති අතර පසුව ඔක්තෝබර් අවසාන සතියේ හෝ නොවැම්බර් මුල් සතියේ ඒ පිළිබඳ වූ විවාදය පවත්වා තුනෙන් දෙකකට සම්මත කිරීමට නියමිත බව එම ප්‍රබලයා සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..