brand logo

විස්සයි 20 තරඟය නවසිලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 35කින් පරාජයට පත් වේ

11 January 2019

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරඟය ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට අද (11) හැකි විය. ඕක්ලන්ඩ් හිදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 තුල කඩුලු 07කට ලකුණු 179ක් රැස්කළ අතර එම පිලේ මුල් පෙළ කඩුලු 04ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට මාලිංග සහ කසුන් රාජිත සමත්වීණි. නවසීලන්ත වෙනුවෙන් ඩග් බ්‍රෙස්වෙල් ලකුණු 44 ක් රැස්කළ අතර කුගේලේජින් නොදැවී ලකුණු 35 ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 පන්දු 05කදී සියල්ලන් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 144 ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 24කදී ලකුණු 43ක් රැස් කළ අතර කුසල් ජනිත් ලකුණු 23ක් රැස් කළා. දෙරට අතර පැවති ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරඟාවලි තුනෙහිම ජයග්‍රහණ නවසීලන්තය සතු විය.
 

More News..