brand logo

විස්සයි විස්ස ඉතිහාසයේ සුපිරි සිදුවීම් 3ක් ශ්‍රී ලංකාවේ නමින්

05 November 2019

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ 1000 වැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පෙරේදා පැවැති තරගයෙන් අනතුරුව මෙතෙක් පැවැති ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් රටාවේ සුවිශේෂී සිදුවීම් 20ක් නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු යොදා තිබිණි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පැවැත්වීමට ආරම්භකොට මේ වනවිට වසර 14ක් ගෙවුණු තැන මෙසේ නම් කළ අදාළ සිද්ධි 20 අතරට ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරමින් වූ සිදුවීම් තුනක්ද ඇතුළත් වී තිබීම සුවිශේෂී කාරණයක් විය. එම රටාවේ ජාත්‍යන්තර කඩුලු 100 සීමාව කරා පැමිණි පළමු ක්‍රීඩකයා බවට ලසිත් මාලිංග පත්වීම, 2012 වසරේ සිම්බාබ්වේ සමග හම්බන්තොටදී පැවැති තරගයෙන් අජන්ත මෙන්ඩිස් විසින් ලකුණු 8කට කඩුලු 6ක් දවා ගැනීම සහ 2014 වසරේ බංග්ලාදේශයේ ඩකාහිදී විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීම ආදී මතකයන් ඒ අතර වූයේය.
 

More News..