brand logo

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

08 January 2019

2019 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එය රජයේ පොදු සේවාවන් සඳහා රුපියල් බිලියන 2312 ක්, රාජ්‍ය ණය සේවාකරණය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ඇතුළු දැනටමත් ඒකාබද්ධ අරමුදලෙන් ගෙවීමට බලය ලැබී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 2232ක් හා රජයේ අත්තිකාරම් ගිණුම් සඳහා රුපියල් බිලියන 06කින්ද සමන්විත වනවා. 2019 වර්ෂය තුළදි අපේක්ෂිත රජයේ ආදායම හා විදේශ ප්‍රධානවල වටිනාකම රුපියල් බිලියන 2390ක් වනවා. ඒ අනුව අයවැය හිඟය වන රුපියල් රුපියල් බිලියන 2160ක් ණය වශයෙන් ලබා ගත යුතුව තිබෙනවා. මෙවර ණය සේවාකරණය රුපියල් බිලියන 2200ක් බවත් එය ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව ඇති ඉහළම අගය වනවා.
 

More News..