brand logo

කතානායක පවත්වන්නේ එජාප පර්ලිමෙන්තු රැස්වීමක් - දිනේෂ් කියයි

23 November 2018

තේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි. මන්ත්‍රි සංඛ්‍යාව ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් තේරීම් කාරක සභාවට නම් කළ නම් වලට විරෝධය පළ කරන බවත් කථානායකවරයා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත රැස්වීමක් බවත් එතුමා ප්‍රකාශ කළා. _______________________________________________________________________

කාරක සභාව තීරණය සභාවාරයේදී කතානායක විසින් දැනුම්දීමට නියමිතයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව තීරණය පාර්ලිමේන්තු සභාවාරය ආරම්භවීමෙන් අනතුරුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කතානායක කාර්යාලය නිවෙධනය කරයි. _________________________________________________________________

විසඳුමක් නොමැතිව පක්ෂ නායක රැස්වීම අවසන් වෙයි

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී ආරංචිමාර්ග සඳහන් කරයි. තේරීම් කාරක සභාවේ බහුතරය වෙනුවෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම පක්ෂ නායක රැස්වීමට විසදුමක් නොමැති වූ අතර කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භවූ විට සාමාජිකයන්ගේ නම් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
 

More News..