brand logo

විෂ සුවඳ විලවුන් තොගයක් අල්ලයි

18 September 2020

නීතිවිරෝධිී ලෙස මෙරටට ගෙන්වන ලද මනුෂ්‍ය ශරීරයට අහිතකර සුවඳ විලවුන් සහ ආලේපන තෝගයක් පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසල් අටක තිබී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවැසීය. මෙම සුවඳ විලවුන් සහ ආලේපන තොගයේ වටිනාකම රුපියල් කෝටියක් වන බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කීවේය. පාරිභෝගිකයකුගෙන් ලැබුණු​ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සුවඳ විලවුන් හා ආලේපන නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති අතර වෙළෙඳසල්වල ආනයන ලිපි ලේඛන කිසිවක් නොතිබුණු බවද සභාපතිවරයා පැවැසීය. මෙම සුවඳ විලවුන් හා ආලේපනවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, රසදිය හා අනෙකුත් සංඝටකවල තොරතුරු නොතිබීම සහ කියවාගත නොහැකි විවිධ භාෂාවන් වැනි වැරදි දක්නට ලැබුණ බව සභාපතිවරයා පැවැසීය. මෙම සුවඳ විලවුන් සහ ආලේපන භාවිත කිරීම තුළින් විවිධ රෝගාබාධ ඇති වන බවද ඔහු පෙන්වා දු​න්නේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙරද දිවයින පුරා සුවඳ විලවුන් සහ අලේපන අලෙවි කරන වෙළෙඳසල් 1000ක් පමණද පරීක්ෂාවට ලක්කර ඇත. පිටකොටුව පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්යාංශයේ සහයෝගයද මෙම වැටලීමට ලැබී ඇත. උදයජීව ඒකනායක
 

More News..