brand logo

විශේෂ දුම්රිය පහක ගමන්වාර 10ක් අද සිට

13 May 2021

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද (13 වැනිදා) සිට ලබන 30 වැනිදා තෙක් ධාවනයට එක්කර තිබෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න අරුණට ඊයේ (12 වැනිදා) පැවසීය. පළාත් අතර සංචරණය මෙම 30 වැනිදා තෙක් තහනම් කිරීමට රජය තීරණය කර ඇතත් අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලවල ඉල්ලීම හා පහසුව තකා දුම්රිය දෙපාර්තුමේන්තුව මෙම පියවර ගෙන තිබෙන බවද හෙතෙම කීවේය. කොළඹ කොටුවේ සිට මහනුවර, බෙලිඅත්ත, මහව, රඹුක්කන හා හලාවත දක්වා ගමන්වාර දහයක් මෙලෙස ධාවනය වන බවත් එම දුම්රිය සඳහා අත්‍යවශ්‍ය රාජකාරීවල කාර්ය මණ්ඩල පමණක් ප්‍රවාහනය කරන බවත් සඳහන් කළේය. අත්‍යවශ්‍ය රාජකාරී ආයතනවල කාර්ය මණ්ඩල බව සනාථ කරන හැඳුනුම්පත් හා ලිපි සන්තකයේ පැවතීම අනිවාර්ය බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රියේ ගමන් කරන සෑම මගියෙකුගේම අනන්‍යතාව පරීක්ෂා කරනු ඇති බවත් ගමනාගමන අධිකාරීවරයා කීවේය. එෆ්. අස්ලම්
 

More News..