brand logo

විශේෂ තත්ත්වයන් මත හැර නයිජීරියානුවන්ට මෙරට වීසා නොදෙයි

13 January 2019

සංචාරක හා ව්‍යාපාරික වීසා මත මෙරටට ඇතුළුවන නයිජීරියානු ජාතිකයන්ට වීසා නිකුත් නොකිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක හා පාලන (ප්‍රතිපත්ති හා සංවර්ධන) නියෝජ්‍ය කොමසාරිස් දසිත නිරෝෂණ පැවසීය. ගෙවුණු කාලයේ රට තුළ සිදු වූ පරිගණක අපරාධ හා වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම තීරණයට එළැඹ තිබේ. මෙලෙස පැමිණෙන නයිජීරියානු ජාතිකයන් සඳහා මෙරට කිසිවකු ඇප නොවේ නම් ඔවුනට වීසා නොලැබෙනු ඇත. පසුගිය වර්ෂයේ මෙරට පැමිණි නයිජීරියානු ජාතිකයන්ගෙන් තුනෙන් එකක්ම නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවට හෙළි වී ඇත. සංචාරක වීසා මත එසේ පැමිණි නවසීයෙන් දෙසීය අනූහයක්ම නොයෙකුත් ජාවාරම්වලට සම්බන්ධ වී ඇත. ඉන් සියයකට පමණ පොලිසියෙන් නඩු දමා ඇති අතර තවත් නයිජීරියන් ජාතිකයන් 32 ක් රැඳවුම් නියෝග මත ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ ඇති රැඳවුම් කඳවුරේ සිටින බවද නිරෝෂණ පැවසීය. චමින්ද සේනාරත්න
 

More News..