brand logo

විශේෂ කාරක සභාව ජනපතිගෙන් පැය 03ක් සාක්ෂි විමසයි

20 September 2019

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි විමසීම අවසන් කර ඇත. විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද පෙරවරු 10.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ පැය 03කට අධික කාලයක් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම සිදුකර ඇත. මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඇතුළු සියළු සාමාජිකයින් සහභාගීව සිට ඇති අතර රාජ්‍ය ආරක්ෂක යන්ත්‍රණයේ දුර්වලතා, ආරක්ෂක කවුන්සිලයේ කැඳවීමආදි කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් විමසා ඇත.
 

More News..