brand logo

විශ්‍රාමිකයෝ වැටුප් ලබති

10 June 2021

ජූනි මාසයට අදාල විශ්‍රාම වැටුප් ගෙවීම අද දිනයේ දිවයින පුරා බැංකු සහ තැපැල් කාර්‍යාල වලදී සිදු කෙරිණ. විශ්‍රාමිකයින් අදාල ස්ථාන වලට රැගෙන යාමට දිවයිනේ බොහෝ ප්‍රදේශවල යුධ හමුදාවේ ද සහයෙන් බස් රථ යොදවා තිබිණ. ඒ අනුව බස්නාහිර පළාතේ පිළියන්දල නගරයේදී ද විශ්‍රාම වැටුප් ගෙවීම අද දින පිළියන්දල තැපැල් කාර්‍යාලයේදී සිදුවූ අතර එය ලබා ගැනීමට විශ්‍රාමිකයින් බොහෝ දෙනෙකු පැමිණ සිටියේය. දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..