brand logo

විශ්‍රාම යන බ්‍රිගේඩියර් ගෙදර යද්දී මේජර් ජෙනරාල් වෙලා

03 January 2019

බ්‍රිගේඩියර් තනතුරේ විශ්‍රාම ගැනීමට සිටි නිලධාරියෙකුට මේජර් ජෙනරාල් තනතුරේ වරප්‍රසාද සහිතව ඊයේ (01) සිට විශ්‍රාම ගැනීමට යුද හමුදාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ගැන කතාබහට ලක් වී ඇත. යුද හමුදාවේ කිසිදු මණ්ඩලයකට මෙම නිලධාරියා උසස් කිරීමට යෝජනා ඉදිරිපත් නොවීමත්, මෙම නිලධාරියා අයත් වන පාඨමාලා අංක 23ට අයත් කිසිදු නිලධාරියෙකු මේජර් ජනරාල් තනතුරට උසස් වීමට මෙතෙක් නිර්දේශ නොවී තිබියදීත් මෙම උසස්වීම ලද ආකාරය කතා බහට ලක්වී ඇතැයි ජ්‍යෙෂ්ට නිලධාරියෙකු අනාවරණය කළේය. මෙසේ විශේෂ වරප්‍රසාදයට උරුමකම් කියන්නේ යුද හමුදා මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂව සිටි බ්‍රිගේඩියර් ජි.එස්.එම් ෆොන්සේකාය. මෙම නිලධාරියා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකුට අයත් නිලධාරියෙකු පාඨමාලා දෙකකට අයත් ජ්‍යෙෂ්ට නිලධාරින් උසස්වීම් ලබාගැනීමට සිටියදී මෙම උසස්වීම ලබා මේජර් ජනරාල්වරයෙකුව හිටි අචාර පෙළපාලියක්ද සමඟ මොහු පෙරේදා (01) විශ්‍රාම ගැනීමට හැකි වී ඇත්තේ විශේෂ වරප්‍රසාදයක් ලෙසිනි.
 

More News..