brand logo

විශ්‍රාමිකයෝ 60ක් යලි වරාය සේවයට

16 November 2020

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කොළඹ වරායේ වැඩකටයුතු සිදුකිරීම සඳහා විශ්‍රාමික වරාය සේවකයන් 60 දෙනෙකු සේවයට කැඳවා ඇති බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක ‘අරුණ’ට පැවැසීය. මෙම විශ්‍රාමික සේවකයන් අතුරින් සේවයේ අවශ්‍යතාවය මත දෛනිකව 15 දෙනෙකු පමණ රාජකාරි සඳහා යොදාගන්නා බවද ඔහු සඳහන් කළේය. එසේම මෑන් පවර් ආයතනවල සේවකයන් 50-75ත් අතර පිරිසක්ද වරාය සේවයට කැඳවා ඇති වබත් ඔවුන්ද අවශ්‍යතාව මත රාජකාරි සඳහා යොදවන බව වරාය සභාපතිවරයා සඳහන් කළේය. මේ වන විට කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ සේවකයන් සියයට 30ක පමණ ප්‍රමාණයක් නිවෙස්වල නිරෝධායනයට ලක්වන නිසා වරාය පරිශ්‍රයේ බහාලු මෙහෙයුම් කටයුතු සඳහා පුහුණු මානව සම්පත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස අතිරේක කාර්ය මණ්ඩලයක් බඳවා ගත් බවද සභාපතිවරයා කෙසේ වෙතත් මෙම පවතින තත්ත්වය හමුවේ වරාය සේවකයන් සිය රාජකාරි සඳහා සේවයට නොපැමිණීමේ තත්ත්වයක්ද උද්ගත වී ඇති බව ජෙනරල් දයා රාත්නායක සඳහන් කළේය. ඔහු ප්‍රකාශ කළේ මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ වරාය සේවකයන්ද යුද සමයේ සොල්දාදුවන් සේම කැපවී කටයුතු කළ යුතු බවය. එම නිසා වරාය සේවකයන්ට සහ අනුබද්ධ ආයතනවල සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙසද වරාය අධිකාරියේ සභාපතිවරයා එම සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ නොවුණහොත් ආනයන අපනයන කටයුතු ඇන හිටීමෙන් රටේ විශාල ගැටලු මතුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වරුණි පෙරමුණ
 

More News..