brand logo

විශ්‍රාමිකයන්ට ජීව සහතිකය වෙනුවට ඇගිලි සලකුණ

16 February 2020

මෙතෙක් කල් විශ්‍රාමිකයන් තම විශ්‍රාම වැටුප ලබා ගැනිමට වසරක් පාසා තම ජීව සහතිකය කොටිඨාසයේ ග්‍රාම නිලධාරියා මගින් ප්‍රාදේශිය ලේකමි වරයාගේ අත්සනින් විශ්‍රාම වැටුප් දෙපාර්තමෙින්තුවට යවා තමන් ජිවත්ව සිටින බව සනාථ කළ යුතුව තිබුණි. මෙි ක්‍රමය නිසා විශ්‍රාමිකයන් වැඩි පිරිසක් දැඩි පිඩාවට පත්විය.ඊට පිලියමක් වශයෙන් රජය විසින් නව පහසු ක්‍රමයක් වශයෙන් ඇගිලි සලකුණු කිරිමෙි යන්ත්‍ර හදුන්වා දි ඇති අතර .එම ඇගිලි සලකුණු යන්ත්‍රයට විශාමිකයන් තම ඇගිලි සලකුණ ඇතුලත් කිරිමෙන් කිසිම අපහසුතාවයකින් තොරව සිය විශ්‍රාම වැටුප ලබා ගැනිමට හැකිවන බව සිය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් ඒ.ජගත් .ඩි. ඩයස් පැවසිය. ඇඟිළි සලකුණු යන්ත්‍රයට ජීවිතයේ එක්වරක් පමණක් සිය ඇඟිළි සලකුණ ඇතුලත් කිරීමෙන් මුලු ජීවිතකාලය පුරාම සිය විශ්‍රාම වැටුප ලබාගැනීමට මින් ඉදිරියට හැකි වෙනු ඇති බවද ඒමහතා වැඩිදුරටත් පවසා සිටියේය. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් වරයා එසේ පැවසුවෙි,ජාඇල ප්‍රාදේශිය ලේකමි කොටිඨාසයේ විශ්‍රාමිකයන්ට එම ඇගිලි සලකුණු යන්ත්‍රය හදුන්වා දිම හා එහි ක්‍රියාකාරිත්වය සමිබන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන ඉකත් දින (13) ජාඇල ප්‍රාදේශිය ලේකමි කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ගමිපහ දිස්ත්‍රික් ලේකමි සුකිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්තාවෙිය. මෙම වැඩ සටහන දිවයිනේ සෑම ප්‍රදේශිය ලේකමි කොටිඨාසයකම ක්‍රියාත්මක විමට නියමිත බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් වරයා මෙහිදි පැවසීය. ජාඇල ප්‍රදේශිය ලේකමි කාර්යාලයේ ශ්‍රවණාගාරයේ තබා තිබු ඇගිලි සලකුණු යන්ත්‍රයක ආධාරයෙන් සංකේතාත්මකව විශ්‍රාමික මහත්ම මහත්මියන් පස් දෙනෙකුගේ ඇගිලි සලකුණු සටහන් කිරිමෙන් මෙම වැඩසටහනේ පලමු අදියර ආරමිභ විය. මෙම වැඩසටහනට ජාඇල ප්‍රදේශිය ලේකමි ආසිරි විරසේකර මහතාද සහභාගි වි සිටියහ.     ටි.කේ. බර්නාඞ්
 

More News..