brand logo

විශ්ව විද්‍යාල සිසුවියන්ට නවක වදය ලබාදුන් සිසුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න

11 February 2020

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසක් වෙත නවක වදය ලබාදුන් සිසුවියන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (11) යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස විරෝධතාවයක නිරතවිණ. යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට නානකාරම හා වැසිකිළි වෙත ගොස් නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබාගන්නා ලෙසට විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු සිදුකළ බලපෑමක් සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාලය කොමිෂන් සභාව වෙත පැමිණිළි කොට ඇති බව විරෝධතාකරුවන් පැවසූහ. විශ්ව විද්‍යාලයේ නවක පන්ති වෙනුවෙන් පැමිණි සිසුවියන් පිරිසකට විශ්ව විද්‍යාලයේ සිසුන් අට දෙනෙකු පමණ පිරිසක් විසින් නවක වදය ලබාදීමේදී නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබාදෙන ලෙසට බලපෑම් එල්ල කොට ඇති සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තාවි ඇති බව විශ්ව විද්‍යාල සිසුන් පැවසූහ. සිදුවීම සම්බන්ධයෙන් කඩිනමි පරීක්ෂණයක් පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියද යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය වෙත නියෝග කොට තිබිණ. සිදුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් සිදුකළ විමසීමකදී විශ්ව විද්‍යාල බලධාරීන් පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේද නියෝග යටතේ පරීක්ෂණයක් පවත්වන බවයි. සිදුවීමට සම්බන්ධ සිසුන් වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර,වර්තමානයේදී අදාළ සිසුන් සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ නියෝජිතයින් පැවසූහ. අදාළ සිසුන් අතරින් පිරිසක් මේ වන විට සැගවි ඇති බවට තොරතුරු පවතින බවද විශ්ව විද්‍යාල සිසුන් පැවසූහ. විශ්ව විද්‍යාලනය ඉදිරිපස විරෝධතාවයට එක්වු කාන්තා සංවිධාන නියෝජිතයින් පැවසූවේ සිදුවීමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ සිසුන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළ යුතු බවයි. සිසුවියන්ගේ නිරුවත් දුරකථන සංවාද ඉල්ලු සිසුන් අධ්‍යාපනයට සුදුසු නොවන කණ්ඩායමක් බවද විරෝධතාකරුවන් පැවසූහ. සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ විශ්ව විද්‍යාල නියෝජිතයින් පැවසූවේ අදාළ දුරකථන සංවාද සිදුකළ සිසුන් වෙනුවෙන් දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවයි. විරෝධතාවය වෙනුවෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..