brand logo

විශ්ව විද්‍යාල සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක

09 February 2021

විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. මෙම වසරේ විශ්ව විද්‍යාලය සදහා පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි භාරදීම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. “සෞභාග්‍යයේ දැක්මේ” අපේක්ෂාව පරිද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ මහජන බැංකුවේ අනුග්‍රහයෙන් වැඩසටහන සැලසුම් තිබේ. මෙම ව්‍යාපෘතිය සදහා මහජන බැංකුව විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි. රුපියල් 80,000ක් වටිනා ලැප්ටොප් පරිගණකය සමග අන්තර්ජාල සබදතාව සහ මෘදුකාංග පැකේජය පිරිනැමේ. පරිගණකය සදහා සිව් වසරක වගකීමක් ද හිමිවේ. රැකියාව ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 06කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමේ.
 

More News..