brand logo

විශ්වාසභංග යෝජනාව පොඩ් එකාගේ ලියුම වගේ

17 June 2021

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තමන්ට එරෙහිව විපක්ෂ මන්ත්‍රිවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාවේ සියලු කරුණු පදනම් විරහිත බව සඳහන් කරයි. ඒ අනුව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව වැරදි ගොන්නක් තිබෙන ලියවිල්ලක් බවත් , තෙල් මිල වැඩිකළ හැක්කේ මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබා ගැනීමෙන් බවත් ප්‍රකාශ කර ඇත. අද (17) බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, "මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පොඩ් එකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන ලියවිල්ලක්. තෙල් මිල වැඩිකළ හැක්කේ මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබා ගැනීමෙන්. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අවශ්‍ය නෑ. මම ඇමති ධූරයට පත්වුණෙන් 2020 අගෝස්තු මාසයේ මිස ඔය චෝදනාවේ සඳහන් වෙන ආකාරයට 2020 ජනවාරි නොවන බවත් සමගි ජන බලවේගයට මතක් කරන්න ඕනේ. ඕකට අත්සන් කළ මන්ත්‍රීවරු නීති ගැන තමන් කිසිවක් නොදන්නා බව රටට ප්‍රදර්ශනය කර ඇත. ඒ නිසා විශ්වාසභංග යෝජනාවක් නමින් විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන ඒම පිළිබඳව විපක්ෂයේ සහෝදර මන්ත්‍රීවරුනී ඔබට බොහොම පිං."
 

More News..