brand logo

විශ්වාසභංගය නීත්‍යානුකූලව සම්මත කරගන්නා හැටි අගමැති ලේකම් කියයි

17 November 2018

අගමැතිතුමාට විරුද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් අගමැති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. කරුණු 12කින් සමන්විතව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමසේකර මහතා විසින් නිකුත් කළ එම නිවේදනය මගින් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝගවල ද, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදුකිරීමට පාර්ලිමේන්තුව වග බලාගත යුතු බවයි. 2018 අප්‍රේල් මස හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය නීත්‍යානුකූලව ඉදිරිපත් කර කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා විසින් අදළා නිවේදනය මගින් සිහිපත් කර තිබෙනවා එම නිවේදනය පහතින් කියවන්න.
 

More News..