brand logo

විශ්වාසභංගයට සහාය දුන්නාට දෙමළ පක්ෂවලට දොළ පිදේනි

13 July 2019

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය කිරීම එජාපයට සහාය ලබාදීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට හා කඳුරට ජනතා පෙරමුණට ලබා දුන් ඉල්ලීම් ඒ මොහොතේම ඉටු කිරීමට එජාප ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අනුව කල්මුණේට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා අවශ්‍ය සේවකයින් හා ගණකාධිකාරිවරයකු පත් කර පසුගිය බ්‍රහස්පතින්දා (11 වැනිදා) දිනම ඒ සඳහා ලංකා බැංකුවේ වෙනම ගිණුමක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරියකු නව කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ලෙස පත් කර ඇත. මීට අමතරව ඇමැති මනෝගනේෂන්ටද දෙමළ මාධ්‍ය පාසල් තුනක් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදී ඇති බව වාර්තා වේ. ඒවා වත්තල, කළුතර හා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටුවීමට නියමිත බවද හෙළි වෙයි. මේ සම්බන්ධයෙන් ඇමැති මනෝ ගනේෂන්ගෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක විය.
 

More News..