brand logo

විශ්වාසභංගයට සහය දෙනවාද නැද්ද තව තීරණය කර නැහැ - දුමින්ද

16 May 2019

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දීම හෝ නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ජාතික ඔහු සඳහන් කළ අතර විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 

More News..