brand logo

විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක්

05 February 2020

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකවල නිෂ්පාදන සඳහා ආයෝජනය කළ හැකි ව්‍යවසායක පිරිස්වල සහයෝගය ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමති විමල් වීරවංශ පසුගියදා (03) කොළඹදී පැවති සාකච්ඡාවේදී පැවසීය‍. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්‍යක්ෂවරුන් සමඟ විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීම සදහා වූ සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව පැවසීය‍ මෙහිදී එක් එක් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක විසින් තම විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ හා නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනු ලැබීය. මෙම සාකච්ඡාව සඳහා තෙවන පාර්ශ්වයක් ලෙස සතොස, කාගීල්ස්, කීල්ස් හා ලාෆ්ස් වෙළෙඳසැල් ජාල නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ. එසේම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ජාතික වශයෙන් වැදගත් වන ඉදිකිරීම් හා තාක්ෂණික ක්ෂේත්‍රවලට අදාළ නිමැයුම් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට තමන් කටයුතු කරන බව ද මෙහිදී ඇමතිවරයා සඳහන් කළේය.   ශ්‍රිරන්තනී මානවඩුව
 

More News..