brand logo

විශ්වවිද්‍යාල සිසුන්ට කඳුළුගෑස් වෙනුවට ප්ලේන්ටි

20 January 2020

පසුගිය සතියේ කතාබහට ලක්වූ කාරණා අතර රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකගේ උද්ඝෝෂණයකට උසස් අධ්‍යාපන අමාත්‍යංශයත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් පිළිතුරු දුන් ‘අලුත් විදිය’ ද විය. උද්ඝෝෂණයට සහභාගි වී සිටියේ රුහුණේ උප කුලපති ප්‍රමුඛ විශ්වවිද්‍යාල පරිපාලනයේ දැඩි බව හේතුවෙන් ශිෂ්‍යභාවය අහෝසි වී සිටින සිසුන් පිරිසකි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ද ඒ අතර සිටියේය. කෙසේවෙතත් මෙහිදී උද්ඝෝෂණයට සහභාගි වූ සිසුන් 200 දෙනාටම වි.වි. ප්‍රතිපාදන කොමිසමේ ‘මහ ගේට්ටුව’ විවෘත්ත වූ අතර 15 දෙනෙකුට පමණ කාර්යාලය ඇතුළටම ගොස් සිය දුක්ගැනවිල්ල කොමිසමේ සභාපති, මහපොළ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට පැහැදිලි කිරීමේ අවස්ථාව ද ලැබුණි. එහෙයින් පසුගිය සතියේ ශිෂ්‍ය උද්ඝෝෂණයට සහභාගි වූ සිසුන්ට වෙනදා ලැබෙන්නාක් මෙන් ‘කඳුළු ගෑස්’ ලැබෙනු වෙනුවෙට ‘ප්ලේන්ටි’ ලැබීම ද විශේෂත්වයක් විය. .
 

More News..