brand logo

විවේචන කරන අයට අනාගතය ගැන දැක්මක් නෑ - ජනපති

04 February 2022

ජනපතිගේ විශේෂ ප්‍රකාශය 

අභියෝග ඉදිරියේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින්. නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී සංවිධානය කර තිබුණා. "නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නෑ." "රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තුවිය නොහැකි බව අපි දන්නවා. වෙනස්විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නෑ. අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්." "විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නෑ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා." "ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නෙමෙයි. රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වය ලබාදීමට මම හැමවිටම සූදානම්. ලෝකය වෙනස් කරන්නේ අනාගතය දෙස සුබවාදීම සිහින දැකපු අයයි." "අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවෙයි. ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්න ඕනේ." "පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි ශිල්පීය ක්‍රමයක් ප්‍රගුණ කිරීමට උත්සාහ කළ යුතුයි." "දහදිය හෙලන වැඩකරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා." "විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපිට විශාල සම්පතක්. අවශ්‍ය විටදී ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණියා." "මම ආරාධනා කරනවා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපන් බිමේ ආයෝජනය කරන ලෙස." "විචාර බුද්ධියෙන් කටයුතු කරන්න කියා මම මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. දත්ත මත තීන්දු තීරණ ගන්න." "මා ලබාදුන් ප්‍රතිඥාව සැමවිටම සුරකිනවා කියා යළිත් මතක් කරනවා." "මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය සිහ එසවීමට ඉඩ තබන්නේ නෑ." "මගේ ඉදිරි ධූර කාලය තුළ තිරසාර සංවර්ධනයක් උදෙසා සියලු අරමුණු සැලසුම් කර තිබෙනවා. මට රට භාරගැනීමට සිදුවූයේ ඉතා දුෂ්කර කාලයක් තුළ."
 

More News..