විවිධ හේතු නිසා විවාහය කල් යනවා
26 July 2021
විවිධ හේතු නිසා විවාහය කල් යනවා
26 July 2021
තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ මේ දිනවල රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන ශිල්පිනියක්. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසුව කලාවට පිවිසි තරින්දි මේ වෙද්දී ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන තියෙනවා.
තරින්දි කොහොමද ජීවිතේ...
ජීවිතේ හොඳින් ගතවෙනවා. කොවිඩ්-19 නිසා ටෙලි නිර්මාණ කිහිපයකම රූගතකිරීම් නතර වෙලා තියෙන්නේ. මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ හිරු මෙගා ස්ටාර් වේදිකාවට.නර්තනය එක්ක තරින්දිට ලොකු බැඳීමක් තියෙනවා නේද?
සාමාන්‍ය පෙළ දක්වා මම උඩරට නර්තනය හදාරලා තියෙනවා. පසුව උසස් පෙළට වාණිජ විෂය ධාරාවෙන් හැදෑරුව නිසා නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න බැරි වුණා. ඊට පස්සේ කොළඹ ආවම විවිධ නර්තන අංශයන්හි මූලික හැදෑරීම් කළා. කොහොම හරි කලාවට සම්බන්ධ වෙලත් අවුරුදු තුනහාමාරකට පස්සේ දැන් තමා ආයේ මට අවස්ථාව ලැබුණේ මගේ නර්තන ජීවිතය අලුත් කරගන්න.මම වෘත්තීය නර්තන ශිල්පිනියක් නොවන නිසා මගේ අඩුපාඩුත් හදාගෙන අපි ඉදිරියට යනවා
මේ වෙද්දී අවසන් 12 දෙනා අතරටත් ඇවිත් ඉන්නේ...
ඔව්. අවසන් 12 දෙනා අතරට එන්න තිබ්බ හයවැනි වටයේදී ගෝල්ඩන් බ්‍රසර් එක දිනා ගන්නත් අපිට පුළුවන් වුණා. මගේ එක්ක නර්තනයේ යෙදෙන්නේ හසින්ත මධුරංග. ගයාන් ශ්‍රීමාල් අයියා තමා අපේ නර්තන වින්‍යාසයන් සිදු කරන්නේ. ඒ එක්කම මගේ නර්තන අංගවලදී හිරාන් ජයසේකර, කසුන් ෆොන්සේකා, නන්දි සහ අමිල උදය තමා ඇඳුම් නිර්මාණය කරලා දෙන්නේ. ඒ අයවත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. ගොඩක් අය කියනවා මම සහ හසින්ත අපි දෙන්නට දෙන්න හරියට සහෝදරයෝ වගේ කියලා. සමහරු කියනවා ගැළපෙනම කපල් එකක් කියලා. ඉතින් එයා ඉන්න එක මට ලොකු ශක්තියක්. මොකද මම වෘත්තීය නර්තන ශිල්පිනියක් නොවන නිසා මගේ අඩුපාඩුත් හදාගෙන අපි ඉදිරියට යනවා.මේ දවස්වල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි...
ඇත්තටම මම ඉස්කෝලේ යන කාලේ නර්තනයට ගොඩක් දක්ෂයි. පාසල් නර්තන කණ්ඩායමේ මම සාමාජිකාවක්. පළාත් තරගවලට පවා සහභාගි වෙලා තියෙනවා. කවදා හරි නර්තන ගුරුවරියක් වෙනවා කියන ආසාවත් මගේ හිතේ තිබුණා. නමුත් මම උසස් පෙළදී මම වාණිජ විෂය ධාරාව තෝරා ගන්නවා. ඒ නිසා නර්තනය මට මගහැරෙනවා. දැන් ආයෙත් මම ආස කරන නර්තනය එක්ක ජීවත් වෙනවා. ප්‍රතිචාර ගැන කියනවා නම් කියන්න වචන නැහැ. මට නර්තන හැකියාව තියෙනවා කියන දේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මෙගා ස්ටාර් වේදිකාව ලොකු රුකුලක් වුණා නර්තනය කියන දේත් මට පුළුවන් කියලා පෙන්වන්න. ඉතින් මගේ රංගන ජීවිතය වටා එකතු වුණු ප්‍රේක්ෂකයින් මගේ නර්තන ජීවිතය වටා එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.නර්තන ගුරුවරියක් වෙන්න හීන දැකලා වාණිජ අංශය තෝරාගත්තේ කාගේ හරි බලකිරීමකටද?
නැහැ. මගේ අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. එයා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. මම පොඩි කාලේ ඉඳන්ම ආස කළේ අක්කා වගේ වෙන්න. මගේ ජීවිතේ මම පිළිවෙළට වැඩ කරනවා නම්, මම ලස්සනට අඳිනවා නම්, මම ලස්සනට කතා කරනවා නම්, ඒ හැමදේම මම ඉගෙන ගත්තේ මගේ අක්කාගෙන්. මොකද මම එයාගෙන් ඉගෙන ගත්තට එයා ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තේ තනියම. එයා හොස්ටල් එකේ හැදුණේ. එයා ගෙදර ආවම එයාගෙන් ඒ හැමදේම මම ඉගෙන ගත්තා. හැම නංගි කෙනෙක්ගේම පුරුද්දක් තියෙනවනේ අක්කලාගේ දේවල් අවුස්සන එක. මමත් අක්කගේ දේවල් අවුස්සලා ඒ දේවල් සෙල්ලම් කරන්න ගන්නකොට එයා දවස කළමනාකරණය කරගෙන තිබ්බ කාලසටහන් හැම දෙයක්ම දැකලා තියෙනවා. ඉතින් අක්කා බැංකු නිලධාරිනියක් විදියට අඳින පළඳින විදියට මම ආස කළා. ඒ එක්කම පොඩි කාලේ ඉඳන් ආස කළා මගේම ව්‍යපාරයක් කරන්න. ඔය හේතු දෙකම නිසා තමා මම උසස් පෙළට වාණිජ විෂයන් හැදෑරුවේ.තරින්දි ඇයි බැංකු ක්ෂේත්‍රයට සමුදෙන්නේ...
මම පෞද්ගලික බැංකු ආයතන දෙකක වැඩ කරලා තියෙනවා. මගේ ඒ බැංකු ගමන වෙනස් වෙන්නේ මගේ අම්මා නැතිවෙනවා 2016 අප්‍රේල් 29 වැනිදා. එතැනින් පස්සේ මම බැංකුවේ මාසයක් විතර වැඩ කරලා මම බැංකුවෙන් අයින් වෙනවා. මොකද අම්මත් නැති නිසා ඒ වෙද්දී ගෙදර වගකීම් ටිකක් තිබ්බා. අක්කා එයාගේ පළපුරුද්ද එක්ක බැංකු ක්ෂේත්‍රයේ හොඳ රැකියාවක් කරන නිසා අක්කා රස්සාවෙන් අයින් වෙනවට වඩා ඒ වෙලාවේ හැටියට හොඳම තීරණය මම අයින් වෙන එක කියලා හිතුණා. ඒ නිසා ටික කාලයකින් ආයේ යනවා කියලා හිතලා මම අයින් වුණා. ඔය විදියට ඉන්න කාලේ මගේ හිත හදාගන්නත් එක්ක 2016 ජූලිවල මම ගයාන් ශ්‍රීමාල් අයියගේ නර්තන පන්තියට ගියා. එතැන තමා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ.තරින්දි වැඩියෙන් කැමති සිනමාවටද? පුංචි තිරයටද?
පෞද්ගලිකව මම ගොඩක් ආසයි සිනමාවට.තරින්දි වැඩකරන්න කැමති අධ්‍යක්ෂවරුන් ඉන්නවද?
එහෙම විශේෂයක් නැහැ. මට මේ වෙනකම් වැඩ කරන්න ලැබුණු හැම අධ්‍යක්ෂවරයෙක්ගෙන්ම මම මොනවා හරි දෙයක් ඉගෙන ගෙන තියෙනවා. අනික මම හිතන දේ තමා චරිතාංග රංගන ශිල්පිනියක් විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ හැම අධ්‍යක්ෂවරයෙක් එක්කම වැඩ කරන්න.චරිත තෝරා බේරා ගන්නේ කොහොමද? සීමාවන් තියෙනවද?
ඔව්. මට දැනට මගේ සීමාව ඉක්මවලා යන චරිත ලැබිලා නැහැ. මේ වෙනකම් මට ලැබුණේ මට ගැළපෙන චරිත. මම කරන චරිත අනුව මට චරිත දෙන අයත් මගේ සිමාවන් දැනගෙන තමා මට ආරාධනා කරන්නේ කියලා මම විශ්වාස කරනවා.බැංකු ක්ෂේත්‍රයෙන් කලාවට එද්දි විරෝධතාවයක් ආවෙ නැද්ද?
මගේ පවුලේ සහයෝගය නැත්නම් අද මම මෙතැන නැහැ. මගේ පවුලේ තියෙන විශේෂත්වය තමයි මං ගැන උපරිම විශ්වාස කරලා මගේ තාත්තයි, අක්කයි මට උපරිම නිදහස දුන්න එක. මට සීමා දැම්මේ නැහැ. මම ෂූටින් ගියේ තනියම. ඒ නිසා මගේ තාත්තටයි, අක්කටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මගේ ගමන යන්න මට දුන්න සහයෝගයට.ඔයාගෙ ආදරේ ගැනත් කතා කරමුකෝ...
ආදරය සුන්දරයි. මමත් ඒ සුන්දර ආදරය අත්විඳින කෙනෙක්.අපි දෙන්නා අතර තියෙන ඒ අන්‍යෝන්‍ය අවබෝධය නිසා තමා අපි දෙන්නටම එකම ගමනක් යන්න පුළුවන් වෙලා තියෙන්නේ