brand logo

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ​ට

02 June 2021

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ අනුව විවාහ රෙජිස්ට්‍රාර් ගාස්තුව වූ රුපියල් 750ක මුදල ජුනි 01දා සිට රුපියල් 900 දක්වා ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ පනත යටතේ කිසියම් විවාහයක් රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් කාර්යාලයකදී විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක මුදල 120 දක්වා ඉහළ දමා ඇත. විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමේදී පැවති රුපියල් 100 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇත.
 

More News..