විවාහ මංගල උත්සව වලට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි
27 January 2022
විවාහ මංගල උත්සව වලට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි
27 January 2022
ගම්පහ මංගල උත්සව වලට යන අයට විශේෂ පණිවිඩයක්
විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගිවීමේදි කෝවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කර තිබේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ එය ක්‍රියාත්මක කිරීම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීමේදීයි.රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කොවිඩ් පැතිර යාම වැළැක්වීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුව ඇති බවත් රජය එම තීන්දු ගනු ලබන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.පළමු, දෙවන සහ තුන්වන මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණ පුද්ගලයන් ලෙස සැලකෙන බව අමාත්‍යවරයා සදහන් කරයි.