brand logo

විවාහ මංගල්‍යයට ආරාධනා කරන්න ආව පුද්ගලයට කොවිඩ්

12 November 2020

කොරෝනා ආසාදිත පුද්ගලයකු ඥාතීන් සිටින නිවාසවලට විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට පැමිණීම හේතුවෙන් එම නිවාසවල වාසය කරන පුද්ගලයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ඊයේ (11) දින ස්වයං නිරෝධනයට ලක් කර ඇති බව වාර්තා වේ. කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ආසාදිත පුද්ගලයා අලුත්ගම පොලිස් බලප්‍රදේශයට අයත් පාදාගොඩ හා ගල්හේනේ ප්‍රදේශවල ඥාති නිවාස 9යකට වාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට ගොස් ඇත. ආසාධිත පුද්ගලයා දින කිහිපයකට පී.සී. ආර් පරීක්ෂණයට ලක්ව ස්වයං නිරෝධායනයට ලක් කළ අයෙකු බවත් එම පරීක්ෂණයේ ප්‍රතිපලවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බව අනාවරනය වී තිබේ. නිරෝධායනයට ලක් කල පිරිස අතර පයාගල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයකුද සිටින බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක එච්, පී. ජයනාත මහතා සඳහන් කරයි. මෙලෙස නිරෝධායනයට ලක් කල පුද්ගලයන් දෙදෙනකුට අයත් වෙළෙඳ සැල් දෙකක්ද වසා දැමීමට කටයුතු කර ඇත.
 

More News..