brand logo

විවාහ පොරොන්දු දී කාන්තාවන් රවටා මුදල් සහ රන් භාණ්ඩ වංචා කල පුද්ගලයන් දෙදෙනෙකු මාට්ටු

05 August 2019

පුවත් පත්වල මංගල දැන්විම් පලකර විවාහකර ගන්නා බවට පොරොන්දුවි කාන්තාවක් රවටා හෝටල්වලට ගෙනගොස් ඔවුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් වංචා කරන ලද සැකකරුවෙකු සහ එයට ආධාර අනුබල දුන්බව කියන ත්‍රි රෝද රථ රියදුරෙකුද අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නෙළුව ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි එක්දරු පියෙකු සහ ගාල්ලේ ත්‍රි රෝද රථ රියදුරෙකි. මෙතෙක් කරන ලද පරික්ෂණ අනුව හෝමාගම ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කර ගන්නා බවට පොරොන්දුවි හෝටලයකට ගෙන ගොස් ලිංගිකව හැසිරි ඇයගේ රුපියල් පන් ලක්ෂයක රන් ආභරණ සහ මුදල් රුපියල් පන් දහසක් ද ඒ ආකාරයටම වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක්ද රවටා රුපියල් ලක්ෂ ගණනක රන් ආභරණද වංචා කර ඇත්තේ සැකකරු විසින් බවට අනාවරණයවි තිබේ. හෝමාගම ප්‍රදේශයේ කාන්තාවගෙන් වංචා කරන ලද රන් භාණ්ඩ සියල්ල සහ කාන්තාවන්ට කතා කිරිම සඳහා යොදාගත් දුර කතනයද සැකකරුගේ නිවසේ සඟවා තිබියදි පොලිසිය විසින් සොයා ගෙන ඇත . තනි තිරණ ගතහැකි බාහිර කරදර නොමැති අසරණභාවයට පත්වු කාන්තාවකට ඇරයුම් කරමි යනුවෙන් සඳහන්ව තිබු මංගල දැන්විමක දුර කතන අංකයට හෝමාගම ප්‍රදේශයේ පදිංචි තිස් නම හැවිරිදි කාන්තාව ඇමතුමක් දුන්විට සැකකරු පවසා ඇත්තේ තමා කතරගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන අතර අසරණභාවයට පත්වු කාන්තාවක් විවාහ කර ගැනිමේ බලාපොරොත්තුවෙන් සිටින බවය. සැමියා දරුවන්ද රැගෙන තමා අතහැර ගොස් ඇති නිසා ඇයද ඔහුගේ අදහස් වලට එකඟවිමෙන් පසුව දෙදෙනා ටික දිනක් දුර කතනය ඔස්සේ කතා කොට පසුව විවාහ විමට කැමැත්ත පල කර ඇත. ඒ අනුව ඇය තමා සතු සියලුම රන් ආභරණද මුදල්ද රැගෙන ඔහු කියු පරිදි ගාල්ලට පැමිණ ඇත.ඔහු ඇය හමුවට පැමිණ හඳුනා ගැනිමෙන් පසු පවසා ඇත්තේ තමාගේ නිවස බදු දි තිබෙන අතර බදුකරුවන් හෙට යන නිසා අද රාත්‍රිය හෝටලයක නතරව හෙට විවාහය ලියා පදිංචිකර නිවසට කැඳවාගෙන යන බවය. එයට ඇයද කැමතිවිමෙන් පසු ඔහු ඇය ත්‍රි රෝද රථයක නංවාගෙන නගරයේ හෝටල් කාමරයකට ගොස් ඇත..අඹු සැමියන් ලෙස හැසිරිමෙන් පසු ඔහු පවසා ඇත්තේ විවාහය ලියා පදිංචි කරන්නේ මාතර පල්ලියක නිසා සියලුම රන් ආභරණ කහ වතුරෙන් සේදිය යුතු බවය.එනිසා රන් ආභරණ ගලවා භාජනයක තැන්පත් කරන ලෙසද ඔහු පවසා ඇත. ඇයද ඒ අනුව ගෙල බැඳි පෙන්ඩනය සහිත මාලය,මුදු දෙක,අත් පළඳනාව,කරාපු කුට්ටම ආදි සියලුම රන් ආභරණ ගලවා කුඩා මංජුසාවක තැන්පත් කොට අත් බෑගයේ දමා ගෙන ඇති අතර පසුදින අලුයම පහයි හතළිස් පහට පමණ දෙදෙනා ගාල්ල බස් නැවතුම් පොලට පැමිණ විවාහය ලියා පදිංචි කිරිම සඳහා මාතරටගොස් ඇත. මාතරට පැමිණිමෙන්පසු ඔහු මඳක් ඉවතට ගියත් බොහෝ වේලාවක් යනතුරු ආපසු නොපැමිණි නිසා ඇය බැගය විවෘත කර බැලුවිට කහ වතුරෙන් සේදිමට රන් ආභරණ තැන්පත් කල මංජුසාව සහ පසුම්බියේ තිබු මුදල් රුපියල් පන් දහසක්ද නැති බව දැනගෙන ආපසු පැමිණ ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල අනුව දුර කතන වාර්තා ඔස්සේ පරික්ෂණ පැවැත්වු පොලිසිය සැකකරු නෙළුව ප්‍රදේශයේ දීද ත්‍රි රෝද රථ රියදුරු ගාල්ලේදීද අත් අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැවසුවේ .සැකකරු විසින් කාන්තාවන් කැඳවා ගෙන පැමිණිවිට ඔවුන් හෝටලයට ගෙන ගොස් හෝටල් හිමියා ලවා සැකකරුගේ නම සහ හැඳුනුම්පතේ අංකය වැරදියට ලියන ලෙස උපදෙස් දි අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ත්‍රි රෝද රථ රියදුරා අත් අඩංගුවට ගත් බවය. සැකකරු මේ ආකාරයට තවත් කාන්තාවන් විවාහ කර ගන්නා බවට රවටා මුදල් සහ රන් භාණ්ඩ වංචාකර ඇතැයි සැක කරන බවද පොලසිය පවසයි ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක අරුණලාල් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත,උප පොලිස් පරික්ෂකවරුන්වන එම්.නිමල්, සංජිව,සැරයන් බණ්ඩාරිගොඩ(58971) කොස්තාපල්වරුන්වන සුරංග(74643)රෝහණ(31958)නිශාන්ත(59517)කාන්තා සැරයන් ජනිතා (8263) යන මහත්ම මහත්මින් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත. ෆර්හාන් නිසාම්දින්
 

More News..