brand logo

විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලයින් ජුරි දිවයිනට

10 December 2019

අමෙරිකාවේදී විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැළදූ ශ්‍රී ලංකාවේ කැරොලින් ජුරි අද උදෑසන දිවයිනට පැමිණියාය. ඒ, අද අළුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙනි. ඇය පිළිගැනීම සඳහා විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේය. කැරොලීන් ජුරි 2020 ලෝක විවාහක රූ රැජින ලෙස පසුගියදා අභිෂේක ලැබුවේ, අමෙරිකාවේ ලස්වේගාස්හි පැවති තරගයෙන් ජය ලබමින්ය. රටවල් 51 ක විවාහක රූ රැජිනියන් අතුරින් ඇය එම කිරුළ දිනා ගත්තාය.
 

More News..