brand logo

විල්බැරෝවකින් බඩු ගෙනිච්ච පුද්ගලයා අත්අඩංගුවට

25 May 2021

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා සංචරණ නීති ලිහිල් කල අද(25) විල්බැරෝවක් රැගෙනවිත් මිලදී ගත් භාණ්ඩ එහි බහා රැගෙන ගිය පුද්ගලයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව යටතේයි. සැකකරු මෙසේ වෙළඳසැලට පැමින ඇත්තේ මුක ආවරණයක් පැළඳ ගැනීමෙන් තොරවයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අලුත්ගම ධර්ගානගරයේ හජි පටුමගේ පදිංචි මොහොමඩ් අජ්වාන් මොහොමඩ් රිස්වාන් නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අලුත්ගම ධර්ගානගරයේ බී. කේ. සුපර් ස්ටෝර්ස් නම් වෙළඳසැලන් භාණ්ඩ මිලදී ගෙන විල්බැරෝවේ දමා ගෙන යන අයුරැ තවත් පුද්ගලයෙකු ලවා රැප ගතකර සමාජ මාධ්‍යයට මුදා හැර තිබුනි.
 

More News..