brand logo

විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

11 June 2019

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (10) නියම කළේය. මෙලෙස දඩ නියම වුයේ යාපනය ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථ රියදුරෙකුට සහ සහයකවරයකුට වේ. මොවුන් පසුගිය 9 වැනි දින පස්වරුවේ මුල්ලිකුලම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කිලෝ හයකට ආසන්න බරකින් යුත් කිරි ඉබ්බෙකු අල්ලා ලොරි රථයේ ඉදිරිපස කොටසේ සඟවා ගෙන රැගෙන යමින් සිටියදිය. අනතුරුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
 

More News..