brand logo

විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙසේ එක් මන්තිරුවක් වසා දැමේ

09 August 2019

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගයේ එක් මං තීරුවක් මේ වන විට වසා දමා ඇත. අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් පරිගණක තාක්ෂණ පීඨයේ සිසුහු 300ක පමණ පිරිසක් විරෝධතාවේ නියැලී සිටින අතර කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනු ලබයි. එම විරෝධතාව හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවට මාර්ගයන්හි රථවාහන තදබදයක් පවතී.
 

More News..