brand logo

විරාත් ලෝක කුසලානය තුන්වන වරට ඉන්දියාවට දිනාදෙනවා විශ්වාසයි - සචින්

05 February 2019

ලොව අග්‍රගනයේ සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කා 2019 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම විසින් ජයගනු ඇති බවට විශ්වාසය පලකර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටෙන්ඩුල්කාර් පවසා ඇත්තේ විරාත් කෝලිගේ නායකත්වයෙන් ඉන්දියාව තුන්වන වරට ලෝක කුසලානය දිනා ගනු ඇති බවයි. ඉන්දීය කණ්ඩායම තමන්ට ලැබෙන අවස්ථාවන් ගැන සැකිලිමත් විය යුතුයි. අපි තමයි හොදම කණ්ඩායම කියලා කියන්න මම පැකිලෙන්නේ නැහැ. සචින් ටෙන්ඩුල්කාර් මෙම අදහස් පළ කළේ පසුගිය ඉරිදා (03) ප්‍රෙස් ට්‍රස්ට් ඔස් ඉන්දියා පුවත් වෙබ් අඩවියට අදහස් දක්වෙමින්. ලොව ඕනෑම පිටියකදී අපි තරගකාරීව ක්‍රීඩා කරනවා, අපේ කණ්ඩායමේ පූර්ණ සමබරතාවයක් තියෙනවා කියලා අපි ඔප්පු කරලා තියෙනවා. ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වන එංගලන්තයටත් අපි අභියෝගයක් වෙලා. ඒ වගේම තමයි නවසීලන්ත කණ්ඩායමටත්. නවසීලන්තය ඉන්දියාව හමුවේ 4ට 1ක් ලෙස පරාජයට පත්වුණා. මං දන්නවා නවසීලන්තයට පීඩනයක් තිබුණා ඒ තරගාවලියේදී. හැබැයි නවසීලන්තය හොද කණ්ඩායමක්. මගේ විනිශ්චය අනුව එංගලන්තය හොද තරගාකාරීත්වයක් දෙනු ඇති. ඒ වගේම නවසීලන්තය කළු අශ්වයින් සේ සටන් වදිනු ඇති. ඕස්ට්‍රේලියානු කණ්ඩායම තම උපරිමයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමයක්, ඔවුන් බලගතු කණ්ඩායමක්. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මැයි මස 30 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව පළමු තරග වදින්නේ ජූනි මස 5 වැනිදා දකුණු අප්‍රිකාව සමගයි.
 

More News..